නවසීලන්තයට පනින්න ගිය 248 ක් අතුරුදන්

251

ශ්‍රී ලාංකිකයින් 248 දෙනකු රැගෙන නවසීලන්තය බලා යාත්‍රා කළ ධීවර යාත්‍රාවක් පිළිබඳව මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව නවසීලන්ත ගුවන් විදුලිය 8දා නිවේදනය කළේය.

මෙම ධීවර යාත්‍රාවේ වෙනත් රටවල පිරිසක්ද සිටින බවටද මෙම පිරිස දෙමළ ජාතිකයන් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. මාර්තු මස 28දා මෙම ධීවර යාත්‍රාව මගින් පිරිසක් නවසීලන්තයට රැගෙන යමින් සිට ඇත්තේ සංක්‍රමණික මිනිස් ජාවාරමේ නිරත පිරිසක් බවද නවසීලන්ත ගුවන් විදුලිය ප්‍රකාශ කළේය.

මෙවැනි නීති විරෝධී යාත්‍රාවක් නවසීලන්තයට පැමිණෙන බවට නවසීලන්ත රජයට ලැබුණු තොරතුරක් මත එම යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබුණු නමුත් එවැනි යාත්‍රාවක් මේ දක්වා නොපැමිණි බව පැවසූ නවසීලන්ත ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගි වූ එරට ආගමන අමාත්‍ය මයිකල් වුඩ් මහතා ඒ පිළිබඳව වැඩි විස්තර ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ජාතිකයන් 248ක් සමග ධීවර යාත්‍රාවක් නවසීලන්තය බලා යාත්‍රා කළ බවට මිනිස් මෙම ජාවාරමේ නිරත ඒජන්සිකරුවාද පිළිගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment