නවසීලන්තයත් තරග 3ම පරාදයි

194

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරග තුනකින් යුතු එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ද ලකුණු 90කින් ජය ගත් සත්කාරක ඉන්දීය කණ්ඩායම 3-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූයේය.

පෙරේදා පැවැති අවසන් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 385ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 295ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශතක රැස් කිරීමට ආරම්භක පිතිකරුවන් වූ නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් මෙම තරගයේදී සමත් වූ අතර

තරගාවලියේ වීරයා සම්මානය පළමු තරගයේදී ද්විත්ව ශතකයක් ද ලැබූ ගිල් ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment