නවසීලන්තයේ අගුලූ දැමීම ලබන අඟහරුවාදා තෙක් දීර්ඝ කෙරේ

157

තවත් කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් නවසීලන්තයේ පනවා ඇති අගුලූ දැමීම ලබන අඟහරුවාදා (31) තෙක් දීර්ඝ කිරීමට එරට බලධාරීන් වීසින් තීරණය කර තිබේ. මෙම අගුලූ දැමීම දීර්ඝ කිරීමට අමතරව අගුලූ දැමීම තුන්වැනි අදියරය දක්වා ඉහළ නැංවීමට ද බලධාරීන් විසින් පියවර ගෙන ඇති බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා තිබේ.

 එක් ඩෙල්ටා ආසාදිතයකු සොයා ගැනීමත් සමගම ඉකුත් සතියේ අඟහරුවාදා මුළු රටම අගුලූ දැමූ නවසීලන්තය ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා උපරිම පියවර ගත්ත ද මේ වන විට රටෙන් වාර්තා වන ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යමින් පවතින බව වාර්තා වී ඇත. ඊයේ දිනය වන විට එරටින් ඩෙල්ටා ආසාදිතයන් 347 දෙනකු වාර්තා වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment