නවසීලන්තයේ අගුළු දැමීම දීර්ඝ කරයි

831

‘ඩෙල්ටා’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවෙකු වාර්තා වීමත් සමගම මුළු රටම අගුලූ දැමූ නවසීලන්තය එම අගුලූ දැමීම තවත් දින 4කින් දීර්ඝ කර තිබේ. මේ අනුව ඉකුත් අඟහරුවාදා සිට ක‍්‍රියාත්මක කර ඇති නවසීලන්තයේ අගුලූ දැමීම ලබන අඟහරුවාදා වන තෙක් දීර්ඝ කර ඇති බව අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා ඇත. මේ වන විට නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයෙන් වාර්තා වී ඇති ඩෙල්ටා ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් වූ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව අගමැතිනිය කියා තිබේ.

 දැනට නවසීලන්තයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් 30 දෙනාගෙන් බහුතරය ඕක්ලන්ඞ් නගරයෙන් වාර්තා වී ඇති අතර තවත් කිහිපදෙනෙකු අගනුවර වන වෙලින්ටන් නගරයෙන්ද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment