නවසීලන්තයේ වසා දමා ඇති දේශසීමා මෙම වසර අවසන් වන තුරු

579

ලොව සාර්ථකම ලෙස කොරෝනා වෛරසය ප‍්‍රජාවෙන් තුරන් කළ රටක් වන නවසීලන්තය කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා වසා දමා ඇති සිය දේශසීමාවන් මෙම වසර අවසන් වන තෙක් විවෘත නොකරන බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා තිබේ. කොරෝනා වෛරසයෙන් මිදෙමින් රටේ ආර්ථිකය විවෘත කර තැබීමට ඇති හොඳම මග වෛරසය තුරන් කිරීමේ පිළිවෙත බව නවසීලන්ත අගමැතිනිය පවසන්නීය. මෙම වසර අවසන් වීමට පෙර රටේ මිලියන පහක් වන ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම ද ප‍්‍රමුඛතාවය ලබා දෙන බව පවසා ඇති අගමැතිනි ආර්ඩන් ලබන වසර මුල සිට නවසීලන්තය නීරෝධායනයෙන් තොර සංචාරය කිරීමේ පිළිවෙතක් හඳුන්වා දෙන බව සඳහන් කළාය. නවසීලන්තයෙන් පසුගිය වසරේ සිට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 26කි.

advertistmentadvertistment
advertistmentadvertistment