නවසීලන්තය අවසන් පූර්ව තරගයට

122

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා වරම් හිමිකර ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය ඊයේ (05 වෙනිදා) සමත් වූයේය.

සුපිරි 12 වටය යටතේ සිය අවසාන තරගයට ඊයේ මුහුණ දුන් නවසීලන්තය අයර්ලන්තය ලකුණු 35 කින් පරාජය කරමින් ප්‍රසාද ලකුණු 7ක් ලෙස සිය ලකුණු සංඛ්‍යාව ඉහළට ගෙන ඒමට සමත් වූයේය.

ඒ සමගම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඔවුන් සුපිරි 12 වටය යටතේ පරාජයට පත්වූයේ එංගලන්තයට පමණක් වන අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදුවිය.

ශ්‍රී ලංකාව, ඔස්‌ට්‍රේලියාව සහ අයර්ලන්තය පරාජයට පත් කිරීමට නවසීලන්තය සමත් වූ අතර ඊයේ අයර්ලන්තය සමග පැවැති තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබාගත් අතර අයර්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ලකුණු 150ක් පමණි. අයර්ලන්ත කණ්ඩායමේ ජොස් ලිට්ල් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. නවසීලන්තය වෙනුවෙන් මෙම තරගයේ දී දක්ෂ පිතිහරඹයක නිරත වූ නායක කේන් විලියම්සන් පන්දු 35 කදී ලකුණු 61ක් ලබා ගත් අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය හිමි විය. නවසීලන්තය පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමයි.

advertistmentadvertistment
advertistmentadvertistment