නවසීලන්තය කැරිබියන් දූපත්හි  පළමු එක්දින තරගාවලි ජය ලබයි

151

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගත් නවසීලන්තය කැරිබියන් දූපත් තුළ කොදෙව්වන්ට එරෙහිව පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කයිල් මෙයරිස් ලබා ගත් ශතකය සහ නිකලොස් පූරන් ලබා ගත් අගනා ලකුණු 91 නිසා නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 301ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

 ලකුණු 302ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දියත් කළ අගනා ඉනිම් නිසා තරගය පන්දු වාර 47.1 දී ජයග්‍රහණය කිරීමට නවසීලන්තයට හැකි විය.

 මෙම තරගයේ දී ලකුණු 38කට කඩුලු දෙකක් දවා ගනිමින් තරගාවලිය පුරාවට දස්කම් දැක්වූ නවසීලන්ත ක්‍රීඩක මිචෙල් සැන්ටෙනර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment