නවසීලන්තය ජයග‍්‍රහණයට ලකුණු 332ක් පිටුපසින්

191

දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ නවසීලන්තය අතර කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (28 වැනිදා* දිනය නිමා වනවිටදී සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරන නවසීලන්තය කඩුලූ 4ක් දැවී ලකුණු 94ක් ලබා සිටියේය. එ් අනුව තරගයේ ජයග‍්‍රහණය සඳහා ඔවුන් කඩුලූ 6ක් අතැතිව තවත් ලකුණු 332ක් පිටුපසින් පසුවේ.

 නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 71ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අපි‍්‍රකාව කඩුලූ 9ක් දැවී ලකුණු 354ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එ් අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 425ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ඉනිමේ කඩුලූ 4ක් ඊයේ දිනයේදී මුළු ලකුණු 94කට බිඳ දමමින් තරගයේ වැඩි වාසි තමන් වෙත නතුකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයෝ සමත්වී සිටියහ.

 නවසීලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ලේ ලකුණු සම්බන්ධතාවය එක් ලකුණකට සීමා වූ අතර දෙවැනි කඩුල්ල මුලූ ලකුණු 6දී බිඳ වැටුණි.

 කෙසේ වෙතත් නවසීලන්තය වෙනුවෙන් නැංගුරම් ඉනිමක් කී‍්‍රඩා කරන ඩෙවොන් කොන්වේ දිනය නිමා වනවිටදී පන්දු 127කදී නොදැවී ලකුණු 60ක් ලබා සිටි අතර ටොම් බ්ලන්ඩෙල් නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.

 ලකුණු සාරාංශය

 දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම 364/10, දෙවැනි ඉනිම 354/9

 නවසීලන්ත පළමු ඉනිම 293/10 දෙවැනි ඉනිම 94/4

advertistmentadvertistment
advertistmentadvertistment