නවසීලන්තය ජයග‍්‍රහණයට ලකුණු 280ක් පිටුපසින්

45

සංචාරක නවසීලන්තය සහ ඉන්දීය කණ්ඩායම අතර කි‍්‍රයාත්මක පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට ඊයේ (28 වැනිදා) සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටි සංචාරංක කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියේය. එ් අනුව තරග ජයග‍්‍රහණය සඳහා ඔවුන් තවත් ලකුණු 280ක් පිටුපසින් පසුවේ.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 345ක් වාර්තා කළේය. නවසීල්නතය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 269ක් වාර්තා කිරීමට සමත්වූ අතර එ් අනුව ලකුණු 76ක වාසිය සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම කඩුලූ 7ක් දැවී ලකුණු 234ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

 එ් අනුව ජයග‍්‍රහණය සඳහා ලකුණු 284ක ඉලක්කයක් සංචරක නවසීලන්තයට හිමිවිය.

 අදාළ තරගය ලෝක කුසලන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ කි‍්‍රයාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment