නවසීලන්තය ලකුණු 216ක් පිටුපසින්

274

සංචාරක නවසීලන්තය හා ඉන්දීය කණ්ඩායම අතර කාන්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (26 වැනිදා) දිනය නිමා වන විට නවසීලන්තය පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 129 රැුස් කර ගෙන සිටියේය.

ඒ අනුව ඔවුන් ඉන්දියාව රැස් කළ ලකුණු 345 ට වඩා ලකුණු 216 ක් පිටු පසින් සිටින අතර අද (27වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 345 කට සියලූ දෙනා දැවී ගිය අතර ටීම් සවුති කඩුලූ 5 ක් සහ කයිල් ජැමීයන් කඩුලූ 3 ක් දවා ගත්තහ. මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ ඉන්දීය ක‍්‍රීඩක ශ‍්‍රීයර්ස් අයියර් ශතකයක් ලබා ගත් අතර එය ඉන්දීය ක‍්‍රීඩකයෙකු මංගල තරගයකදී ලබා ගත් 16 වැනි ශතකය විය.

ඉන්දීය කණ්ඩායම අජින්ක්‍යා රහනේ විසින් මෙහෙයවනු ලබන අතර විරාත් කෝලි මෙම තරගයට සහභාගී නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment