නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවය අබියස

202

 අයිසීසී ලෝක ටෙස්ට් ක‍්‍රිකට් කිරුළ දිනා ගැනීම සඳහා ලකුණු 139 ක ඉලක්කයක් නවසීලන්තයට ඊයේ (23 දා) ඉන්දියාවෙන් හිමිවිය.
 
 පන්දුවාර 53 ක් ඒ සඳහා නවසීලන්ත කණ්ඩායමට ඉතිරිව තිබුණු අතර කඩුලූ 10 ක් අතැතිව සිටි ඔවුහු පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට ලකුණු 19 ක්  රැුස්කරගෙන සිටියහ.
 
 ඒ අනුව ඔවුන් පළමු ලෝක ටෙස්ට් ක‍්‍රිකට් කිරුළට ලකුණු 120 ක් මෙපිටින් සිටි අතර ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170 කට සීමා කිරීමට ටිම් සවුති සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් ප‍්‍රමුඛ වේග පන්දු යවන්නෝ සමත් වූහ.
 
 ඉන්දීය දෙවැනි ඉනිමේ ආරම්භ කඩුලූ දෙක මෙන්ම අවසන් කඩුලූ දෙක ද දවාගත් ටිම් සවුති ලකුණු 48 කට කඩුලූ 4 ක් ද ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 39 කට කඩුලූ 3 ක් ද දවා ගත්හ.
 
 ඉන්දීය දෙවැනි ඉනිමේ අවසන් කඩුලූ 4 ලකුණු 17 කට දැවී ගිය අතර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 41 ක් රැුස් කළ රිෂාඞ් පාන්ට්ය.
 
 තරගයේ පස්වැනි දිනය නිමා වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු
 
 64 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායමේ අවසාන දින ආරම්භක කඩුල්ල ලෙස නායක විරාත් කෝලි ලකුණු 13 කට දැවී ගියේය.
 
 පළමු ඉනිමේදී ඉන්දීය ඉනිම විනාශ කළ කයිල් ජැමීසන් දෙවැනි ඉනිමේ ඉන්දීය කඩුලූ දඩයම ආරම්භ කරමින් කෝලිගේ කඩුල්ල දවා ගත්තේය. ඒ අනුව ඉනිම් දෙකේදීම ඉන්දීය නායකයාගේ කඩුල්ල දවා ගැනීමේ ගෞරවයට පාත‍්‍ර වූ කයිල් ජැමිසන් පළමු ඉනිමේදී ඉන්දීය කඩුලූ 5 ක් දවා ගත්තේය.
 
 චේටෙෂ්වර් පුජාරාගේ කඩුල්ල ද ලකුණු 15 කට බිඳ දැමූ කයිල් ජැමිසන් ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලූ 4 කට ලකුණු 72 ක් ලෙස සටහන් කිරීමට සමත් වූවේය.
 
 නවසීලන්ත කණ්ඩායමට නැවත බලාපොරොත්තු ගෙන එමින් ඉන්දීය පිතිකරු අජින්කෙයා රහනේද ලකුණු 15 කට දවා ගැනීමට වේග පන්දු යවන ක‍්‍රීඩක ටෙ‍්‍රන්ට් බෝල්ට් සමත් වූවේය.
 
 දිවා විවේකය වන විට රිෂාබ් පාන්ට් සමඟ නොදැවී පන්දුවට පහර දෙමින් සිටි රවින්‍ද්‍ර ජඬේජාගේ කඩුල්ල ද දිවා විවේකයෙන් පන්දුවාර 7 ක් නිමා වන විට දවා ගැනිමට නීල් වැග්නර් සමත් වූවේය.
 
 තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලකුණු 217 ක් සහ නවසීලන්තය ඊට පිළිතුරු ලෙස ලකුණු 32 ක වාසියක් ලබා ගනිමින් ලකුණු 249 ක් රැුස් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment