නවසීලන්තය වාර්තා තබමින් පරදියි

662

ටෙස්ට් තරගයක් තුළ ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කර පරාජයට පත් වූ දෙවෙනි කණ්ඩායම බවට නවසීලන්තය පත්කරමින් දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 5 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය පෙරේදා (14 වෙනිදා ) සමත් විය.

 පළමු ඉනිමේ ලකුණු 553ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 284 ක් ලෙස ඉනිම් දෙකේ දී මුළු ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 837ක් රැස් කිරීමට නවසීලන්තය සමත් වුවත් එංගලන්තය ලද මෙම ජය නිසා තරගාවලියේ 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකි විය. ඒ අනුව තරගයක වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර පරාජයට පත් වූ දෙවෙනි කණ්ඩායම බවට නවසීලන්තය පත් වූ අතර එම වාර්තාවේ පළමු ස්ථානයේ සිටින එංගලන්තය ඉනිම් දෙකේදී ලකුණු 861ක් 1948 වසරේදී රැස්කර ඔස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්වී ඇත. එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා වූ ජොනී බෙයාර්ස්ටෝ පන්දු 92කදී වේගවත් ලකුණු 136ක් ලබා ගත් අතර තරගයේ අවසන් දිනය වූ පෙරේදා අවසන් හෝරා දෙක තුළ ලකුණු 160 ක් ලබා ගනිමින් ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට බෙයාර්ස්ටෝ සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 75) දෙදෙනා සමත් වූහ.

 ලකුණු සාරාංශය

 නවසීලන්තය පළමු ඉනිම 553, දෙවෙනි ඉනිම 284

 එංගලන්තය පළමු ඉනිම 539, දෙවෙනි ඉනිම 299/5

advertistmentadvertistment
advertistmentadvertistment