නවසීලන්ත ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් 20 කට කොරෝනා

483

එක් කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමගම මුළු රටම අගුලූ දැමූ නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (19දා* දිනය වන විට 21 දක්වා ඉහළ ගොස් තිබිණි. ඕක්ලන්ඞ් නගරයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ ආශ‍්‍රිතයන් සේ සැලකෙන ආසාදිතයන් 11 දෙනෙකු ඊයේ දිනයේ පමණක් පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.

 ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ සිට ඉකුත් අගෝස්තු 07 වැනිදා නවසීලන්තයට පැමිණි පුද්ගලයකු හරහා කොරෝනා වෛරසය නැවත ප‍්‍රජාවට එක්ව ඇති බව අනාවරණය කරගත් බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පවසා ඇත. කොරෝනා එන්නත්කරණය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් නැවත කොරෝනා වෛරසය නවසීලන්තයේ ප‍්‍රජාවට පැමිණි බව ඇතැම් විචාරකයන් පවසා ඇත. මාස හයකට පසු නවසීලන්තයෙන් පළමු වරට හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයාට වැලඳී ඇත්තේ ඩෙල්ටා ප‍්‍රභේදය බවට නවසීලන්ත බලධාරීහු සැක පළ කරති.

advertistmentadvertistment
advertistmentadvertistment