නවීකරණය කරන ලද බ‍්‍රවුන්ස් ඞීල්ස් ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයෙන් උත්සව සමයේ ඇදහිය නොහැකි සාප්පු සවාරි අත්දැකීමක්

150

බ‍්‍රවුන්ස් සමූහයේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා උපකරණ අංශය වන බ‍්‍රවුන්ස් ඞීල්ස්, නවාංග එක්කළ සිය ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරය, කොළඹ 10, ටී. බී. ජයා මාවතේ, අංක 481 දරන ස්ථානයේ නව මුහුණුවරකින් පසුගියදා විවෘත කරන ලදී.

සමාරම්ක උත්සවය වෛද්‍ය නිල්මිණි නානායක්කාර මහත්මිය, බ‍්‍රවුන්ස් සමූහයේ ප‍්‍රධාන මෙයහයුම් නිලධාරී / ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සනකන් තමෝතරම්පිල්ලෙයි මහතා මෙන්සම බ‍්‍රවුන්ස් සහ LOLC සමූහයන්හී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

බ‍්‍රවුන්ස් ඞීල්ස් සිය පාරිභෝගිකයන්ට ලොව සුපතල සන්සනාම රැසක් අලෙවි කරයි. එම නිෂ්පාදන www.brownsdeals.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයෙන් හෝ ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයෙන් මිලදී ගත හැක. බ‍්‍රවුන්ස් ඞීල්ස් 2016 වසයර්දී හඳුන්වා දෙනු ලැබුයේ උසස් තත්ත්වයේ හොඳම පාරිභෝගික සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළෙඳපොලේ අඩුම මිලට විශ්වාසනීය බ‍්‍රවුන්ස් වගකීම සමඟින් පිරිනැමීමේ අරමුණෙනි. ඡායාරූප සටහන:

වෛද්‍ය නිල්මිණි නානායක්කාර මහත්මිය පීත්ත පටිය කපා නවීකරණය කරන ලද බ‍්‍රවුන්ස් ඞීල්ස් ප‍්‍රධාන
ප‍්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත කළ අයුරු ඡයාරුපයෙන් දැක්වේ

advertistmentadvertistment
advertistmentadvertistment