ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිකුරාදා (22 දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව රජයේ අන්තර්කාලීන අමාත්‍ය මණ්ඩලයද එදිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
දිවුරුම්දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.
අන්තර්කාලීන ඇමැති මණ්ඩලය 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම දහඅට දෙනාගෙන් 17 දෙනෙකුම අවසන්වරට ඇමැති මණ්ඩලයේ සිටි එම ඇමැතිවරුන්ම වීම විශේෂත්වයකි. කලින් විදේශ ඇමැති ලෙස කටයුතු කළ ජී. එල්. පීරිස් මහතා වෙනුවට නව ඇමැති මණ්ඩලය සඳහා ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා දිවුරුම් දුන්නේය.
ඒ අනුව දිව්රුම් දුන් ඇමතිවරුන් මෙසේය-
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන, බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය, මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අලි සබි්ර මහතා – විදේශ කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, කංචන විජේසේකර මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නසීර් අහමඩ් මහතා – පරිසර අමාත්‍ය, රොෂාන් රණසිංහ මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය, මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය, ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය, නලින් ප්‍රනාන්දු මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය.
චමින්ද සිල්වා සහ රනිල් ධර්මසේන