නව අගමැති දිනේෂ්: කැබිනට් ඇමැතිවරු අද දිවුරුම් දෙති

193

ජී.එල්. දැරූ ඇමැති ධුරය අලි සබ්‍රිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව අගමැති ලෙස වත්මන් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (22දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

අගමැතිවරයා සමග නව ඇමැති මණ්ඩලය ද ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

කැබිනට් මණ්ඩලය ලෙස කලින් කටයුතු කළ ඇමැතිවරුන් පිරිස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. විදේශ ඇමැති ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා දිවුරුම් දෙනු ඇතැයි ද වාර්තා වෙයි.

ජාතික රජයක් පිහිටුවන තෙක් අන්තර්වාර කාල පරිච්ඡේදයකට මෙම ඇමැති මණ්ඩලය කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment