නව අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනපතිට එරෙහි යෝජනාවක් ගෙන එනවා

508

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්

දිනසේන රතුගමගේ

ව්‍යවස්ථාවෙන් පරිබාහිරව හා සම්ප්‍රදායෙන් බැහැරව රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහි පාර්ලිමේන්තුව තුළ අප්‍රසාදය පල කෙරෙන යෝජනාවක් ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඊට නුසුදුසු පුද්ගලයකු පත් කිරීම නිසා ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල භාවයට විශාල හානියක් සිදුව ඇති බවද ප්‍රකාශ කළේය.

පක්ෂයක් වශයෙන් මහ මැතිවරණයට තරග කොට එකම මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ පුද්ගලයකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම තුළින් ජනාධිපතිවරයා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු රැසක් බිද දමා ඇති බවත් මේ දිනවල ජනතා විරෝධයක් මඟින් ඔහුට ගෙදර යන ලෙස විශාල පිරිසක් බලකොට සිටීම මේ කරුණු වලට අනුව ඉතාම සාධාරණ බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ නීත්‍යානූකූල භාවයක් මුල සිටම දක්නට නොලැබුණු බව පවසන මන්ත්‍රීවරයා කියා සිටින්නේ මහ මැතිවරණයට තරග කොට ඉන් පරාජය වීමෙන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්පත් කරගෙන ඇත්තේද නීත්‍යානුකූල හෝ සදාචාර සම්පන්න ක්‍රමයකට නොවන බවයි. මේ නිසා ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවත් ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගයන් ගැන විමසා බලන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment