නව අධිආරක්‍ෂිත කලාප  ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

80

රාජ්‍ය රහස් පනත භාවිතා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව අධිආරක්‍ෂිත කලාප කිහිපයක් පිහිටුවමින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය නීතියට අනුකූල නොවන, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ගැසට් නිවේදනයක් බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක මහේෂ් තරංග ඉඳුනිල් මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහ නීතිපතිවරයා ඇතුළු 10 දෙනෙකු නම්කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අගමැති කාර්යාලය (මල්පාර), හා අරලියගහ මන්දිරය ඇතුළු ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් නව අධිආරක්‍ෂිත කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ රජයේ අයුක්ති ක්‍රියාදාමයන්ට එරෙහිව නැගීසිටින ජනතාවගේ විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් බවත්, ජාතික රහස් පනත උපයෝගී කර ගනිමින් එලෙස විශේෂ අධිආරක්‍ෂිත කලාප පිහිටුවීම ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment