නව ආයෝජන කලාප ගැන මුදල් ඇමතිගෙන් හෙලිදරව්වක්

118

නව නිෂ්පාදන ආයෝජන කලාප ලෙස අය වැය මගින් නව ආයෝජන කලාප ඇති කරන බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. අපි හා සමාන රටවල් සීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින්. ඒ තුළින් රැකියාත් විදේශ විනිමයත් දෙකම උපයා ගත්තා. ඒ නිසා අපි හඳුනාගත් අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරන්න. කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, කෘෂිකාර්මික උපකරණ හා පසුසම්පත් නිෂ්පාදනය, ධීවර හා ජලජීවි නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය. ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට, එරාවුර්, ඉරණවිල, කිලිනොච්චිය, මොනරාගල, ඇල්පිටිය, මත්තල, යාපනය, තමයි මේ කලාප ඇති කරන්නේ.” 
 

advertistmentadvertistment
advertistmentadvertistment