නව ඇමරිකානු තානාපතිනිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ කාර්යය කියයි

318

සිය හදිසි කාර්යභාරය ශ‍්‍රී ලංකාවේ වගවීමේ ක‍්‍රියාවලිය දියත්කිරීම බව නව ඇමරිකානු තානාපතිනි ජුලිචැන් ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර කැලිෆෝනියාවේදී ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් හමු වූ ඇය මේ බව පවසා තිබේ. මේ වගවීමේ ක‍්‍රියාවලිය යනු ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසකට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන කටයුතු කිරීමයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම සාකච්ඡුාවට සහභාගි වූ ශ‍්‍රී ලාංකිකයන් පිරිස සිංහලයන්ද, ද්‍රවිඩයන් ද යන්න හෙළි වී නැත. ජුලිචැන් ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment