නව ඖෂධ 03 ක් දේශීයව වෙළෙඳපොළට….

134

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20%ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ද, පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳුමක් අපේක්‍ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළෙඳපොළට නිකුත් කිරීම නිමිත්තෙන් රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව කීය.

 තයිරොක්සීන් ඌනතාව සඳහා ලබාදෙන Levothyroxin 50mcg ගැස්ටි්‍රක් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන Omeprazole 20mg කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන Mefenamic Acid 50mg පෙති විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීම මේ අනුව ඊයේ නිල වශයෙන් සිදුවිය. මෙම ඖෂධ රජයේ රෝහල්වලට හා පෞද්ගලික අංශයට නිකුත් කෙරෙන අතර මෙය මෙරට ඖෂධ නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ඉහළ ජයග්‍රහණයක් බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment