නව කනිෂ්ඨ තරග වාර්තා රැසක් දියගමින්

116

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක ජතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (08) නව කනිෂ්ඨ තරග වාර්තා පිහිටුවමින් කැපී පෙනෙන්නට වත්තල ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස්, යාපනය හාට්ලි විද්‍යාලයේ එස්. කුමාර් මිතුන්රාජ්, මහනුවර මහාමායා බාලිකා විදුහලේ එන්. එස්. සෙනෙවිරත්න සහ අඹගමුව මධ්‍ය මහා විදුහලේ කේ. එල්. ඒ. අකලංක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ආරම්භක දිනය වූ පෙරේදා (07) සවස සිව්වැනි වාර්තාව බිහි කිරීමට යූ. එම්. ඒ. සංදීප (අවුරුදු 16න් පහළ මීටර් 300 කඩුලු මතින් දිවීම – තත්.40.55) සමත් වූ අතර පස්වැනි වාර්තාවට හිමිකම් කියන්නට යූ. එම්. එස්. හිමාෂනී (අවුරුදු 16 න් පහළ මීටර් 300 කඩුලු මතින් දිවීම – තත්.47.30) සමත් වූවාය.

සංදීප සහ හිමාෂනී අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කරමින් ජයග්‍රහණ වාර්තා කර ගැනීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ තෙවන දින තරග ඉසව් අද (09) පැවැත්වේ.
රන් පදක්කම් ලාභිනියන්

අවුරුදු 23 න් පහළ කවපෙත්ත විසිකිරීම

කේ. එච්. රත්නායක (යුද හමුදාව) මීටර් 29.54

අවුරුදු 23 න් පහළ මීටර් 800

මධුෂානි දිල්රුක්ෂි (යුද හමුදාව) මි:2.27.06

අවුරුදු 20 න් පහළ මීටර් 800

ඩබ්ලිව්. ජී. එස්. ලක්ෂානි

(වලල ඒ. රත්නායක ම. ම. වි.) මි:2.15.80

අවුරුදු 16 න් පහළ මීටර් 800

තරුෂි අභිෂේකා (ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල) මි.2.21.03

රන් පදක්කම් ලාභීන්

අවුරුදු 23 න් පහළ මීටර් 800

ජී. ඩී. එල්. අවිශ්ක ගරුසිංහ

(ශ්‍රී ලක් සමාජය) මි: 1.56.70

අවුරුදු 20 න් පහළ මීටර් 800

එස්. ඩී. එච්. ඩිල්රංග (වලල ඒ.රත්නායක ම.ම.වි) 1.54.08

අවුරුදු 18 න් පහළ මීටර් 800

එච්. පී. සමරකෝන්

(මීගහකිවුල ජාතික පාසල)

අවුරුදු 16 න් පහළ මීටර් 800

ජී. පී. සහස් ෆොන්සේකා

(මීගමුව මාරිස්ටෙලා විදුහල) මි: 2.03.59

අනුරුද්ධ හේරත් බණ්ඩාර
ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment