නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති

303

නව රජයේ තවත් කැබිනට් ඇමැතිවරු නවදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (20 දා) දිවුරුම් දී සිය පත්වීම් ලිපි භාර ගත්හ. මීට ඉහත දී කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනකු ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි. ඒ අනුව මේ වනවිට නව රජයේ පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් ගණන 13 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති

නව රජයේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර තිබේ.

පසුගිය රජය සමයේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ සුසිල් ප්‍රේමජයන්ත මහතා වත්මන් රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති

පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නව රජයේ ද සෞඛ්‍ය අමාත්‍ය ධුරය පිරිනමා තිබේ.

නව රජයේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කර ඇත.

රාජපක්ෂ මහතා යහපාලන රජයේ 2015 වර්ෂයේ සිට 2017 දක්වා කාලසීමාවේ ද අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කළේය.

නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති
නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති

සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හරින් ප්‍රනාන්දු මහතා නව රජයේ සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

පසුගිය රජයේ වැවිලි කර්මාන්ත ධුරය හෙබවූ වෛi රමේෂ් පතිරණ මහතා නව රජයේ ද, එම අමාත්‍ය ධුරය සඳහාම පත්කර ඇත.

සමගි ජනබලවේගය පක්ෂයෙන් වර්තමාන රජයට එක්වූ මනුෂ නානායක්කාර මහතාට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය භාරදී ඇත.

නව රජයේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ නලින් රුවන්ජිත් ප්‍රනාන්දු මහතාය. ඒ මහතා කලක් සතොස සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එක්සත් ජනතා පක්ෂ මන්ත්‍රීවරයකු වන ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

නව අමාත්‍යවරු බොහෝ දෙනෙක් ඊයේ දිනයේ සිය අමාත්‍යාංශවල වැඩ භාර ගත්හ.

මේ අතර තවත් කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනකු ලබන සඳුදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

රාජ්‍ය ඇමැතිවරුන් ද ලබන සතියේදී දිවුරුම් දීමට නියමිතය.

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment