නව කැබිනට් සංශෝධනයකට සූදානමක්

524


විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත ඇමැතිධුරය දිනේෂ් ගුණවර්ධන මහතාටත් උදය ගම්මන්පිල මහතා දැරූ බලශක්ති ඇමැතිධුරය ගාමිණී ලොකුගේ මහතාටත් ලබා දෙමින් නව කැබිනට් සංශෝධනයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.ඒ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන්ට සිය ඇමැති අහිමිවේ.මෙම සංශෝධනයේදී එස්.බී දිසානායක මහතාට අධ්‍යාපන ඇමැතිධුරයත්,පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට විදුලි බල ඇමැතිධුරයත් දිලුම් අමුණුගමට ප‍්‍රවාහන ඇමැතිධුරයත් හිමිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment