නව කැබිනෙට්ටුවට සාකච්ඡා – අගමැති මහින්දමයි: තරුණ මුහුණුවලටත් තැනක්

686

ජනපති හිටපු කැබිනට් ඇමැතිවරුන් හමුවෙයි
 

 නව කැබිනට් මණ්ඩලය අද  (18 දා) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි’

 ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වන නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් කටයුතු කිරීමටත් තීරණය වී ඇත’

 අප්‍රේල් 15 සහ 16 දිනවල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හිටපු කැබිනට් ඇමැතිවරුන් සමඟ සිදුකළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලය සඳහා ඇමැතිවරුන් 15 ත් 20 ත් අතර සංඛ්‍යාවක් පත් කිරීමටත්” ඉතිරි ඇමැති ධුර (30 සීමාව යටතේ) සඳහා වෙනත් පක්‍ෂවලින් පැමිණෙන අයට අවස්ථාව ලබාදීම සඳහා හිස්ව තබා ගැනීමටත් සාකච්ඡා වී ඇත’

 ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවලදී ගාමිණි ලොකුගේ” බන්දුල ගුණවර්ධන” පවිත්‍රා වන්නිආරච්චි” ප්‍රසන්න රණතුංග” රෝහිත අබේගුණවර්ධන” මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු ඇමැතිවරුන් නව කැබිනට් මණ්ඩලය පත්කර රජය පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා ඇමැතිධුර ලබා නොගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත’

 දැනට කැබිනට් ඇමැතිවරුන් සිව්දෙනකු පත්කර තිබෙන අතර ඉන් මුදල් ඇමැතිවරයා හැර අනෙකුත් ඇමැතිවරුන් තිදෙනාගේ ඇමැති ධුරයන් පවා වෙනස් විය හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කළේය’

 නව ඇමැතිධුර ලබාදීමේදී රමේෂ් පතිරණ” ප්‍රසන්න රණතුංග ඇතුළු හිටපු ඇමැතිවරුන් කිහිපදෙනෙකුට ඇමැතිධුර ලබාදීමටත් තරුණ නව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කැබිනට් ඇමැතිධුර ලබාදීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ’

advertistmentadvertistment
advertistmentadvertistment