නව කැලණි පාලමේ ඉදිකිරීම්වල ප‍්‍රගතිය 98.5%ක් – අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කියයි

1365

2014 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදිවන නව කැලණි පාලමේ ඉදිකිරීම්වල ප‍්‍රගතිය 98.5% ක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

 ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (19* අමාත්‍යාංශයේ පැවති නව කැලණි පාලමේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමේදීය. මෙම රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

 නව කැලණි පාලමේ තව සිදු කිරීමට ඇත්තේ ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැලණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කාණු පද්ධතිය නිම කිරීම, පාලම ආලෝකකරණය, ආරක්ෂාව සඳහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය සිදු කිරීම වන අතර ඒවාද නියමිත ප‍්‍රමිතියෙන් හා කඩිනමින් ඉදි කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතාට උපදෙස් ලබාදෙන ලදී.

 නව කැලණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැළ සිටුවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම පැළ සඳහා ජලය සැපයීමට භූගත ජල නළ පද්ධතියක් ඉදිකරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment