නව කැලණි පාලම ජනපති අතින් හෙට විවෘත වේ

496

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ අරමුදල් දායකත්වයෙන් හා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කර ඇති නවීනතම තාක්ෂණයෙන් යුක්තව තනා නිම කරන ලද නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් හෙට (24දා) විවෘත වේ.

මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කොන්ක‍්‍රීට් අදියර හා යකඩ අදියර ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර, සම්පූර්ණ දිග කිලෝමීටර් 2 කි.

කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ කැලණි ගඟ මතින් දිවෙන මෙම අලංකාර පාලම ඔස්සේ පළමු අදියරේදී ඉඟුරුකඬේ හන්දිය දක්වා සහ බේස්ලයින් මාර්ගය දක්වා ප‍්‍රවිෂ්ඨ විය හැකිය.

මේ සඳහා සහනදායි පොලී අනුපාත මත ජපන් යෙන් මිලියන 35000 ක් වැය කර ඇති බවත්, මෙම පාලම ජපන්-ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පාලම ලෙස හඳුන්වන්නට තමන් කැමැති බවත් ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ  දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා පවසයි.

ජගත් කනහැරආරච්චි
 

advertistmentadvertistment
advertistmentadvertistment