නව කොරෝනා නීතිවලට විරෝධය පා එංගලන්ත ඇමැතිවරයෙක් ඉල්ලා අස්වෙයි

166

රජය විසින් ජනතාවට අධික බදු බරක් පැටවීම හා මෑතකදී හඳුන්වා දී ඇති කොරෝනා මර්දන නීති රීතිවලට විරෝධය පාමින් එංගලන්ත කැබිනට් මණ්ඩලයේ සිටින බ්‍රෙක්සිට් ඇමැතිවරයා වන ෆ්‍රොස්ට් සාමිවරයා සිය කැබිනට් ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ‘බ්‍රෙක්සිට්’ ක‍්‍රියාවලිය සිදු වීමේදී මහඟු කාර්යයක් ඉටු කර තිබු ෆ්‍රොස්ට් සාමිවරයා ඉකුත් සතියේ අගමැති බොරිස් ජොන්සන් වෙත ලිපියක් යවමින් තමා ජනවාරි මාසයේදී සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වන බව ප‍්‍රකාශ කර තිබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් මාස ගණනක් මුළුල්ලේ අගුලූ දමා තිබූ එංගලන්තය ඉකුත් ජුලි මාසයේදී විවෘත කිරීමට අගමැති ජොන්සන් දැඩි විරෝධතා මධ්‍යයේ කටයුතු කළද රට නැවත වසන තත්ත්වයක් උදා නොකිරීමට ඔහු අසමත් වීම නිසා තමා වහාම ඇමැති ධුරයෙන් ඉවත් වන බව ෆ්‍රොස්ට් සාමිවරයා පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment