නව ගුවන් සේවා 07 ක් ළඟදීම ලංකාවට එනවා

506

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

රටේ වත්මන් ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් සමගම සංචාරකයින් විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා 07 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන්සේවා සමාගම් වල නියෝජිතයින් සමඟ ඉකුත් 17දා පැවති විශේෂ සාකාච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.

ඩොලරයේ මිල අඩුවීමට සමානුපාතිකව ගුවන් ටිකට් පත්‍රවල මිල ගණන් අඩු කරන ලෙසට ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටමත් 20% කින් පමණ ගුවන් ටිකට්පත් මිල අඩු කර ඇති බවත්, ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමටද ගුවන්සේවා සමාගම්වල නියෝජිතයින් පොරොන්දු වූණා. මෙහිදී ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් පෙන්වාදී ඇත්තේ දැනටමත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ යම් මගී තදබදයක් ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ භූමි මෙහෙයුම්වල යම් ප්‍රමාදයන් ඇති බවයි. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කළ අතර භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන්තොටුපල සමාගම වෙත පැවරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද ගුවන්සේවා සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment