නව ජනපති පත් කරන තුරු සාමකාමීව ඉන්න – ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තරුණයන්ගෙන් ඉල්ලයි

255

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අස්වීමත් සමග නව ජනාධිපතිවරයකු පත්වන තුරු සාමකාමීව කටයුතු කරන ලෙස රටේ තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියි.

 ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට රටේ සාමය පවත්වාගෙන යෑමට තරුණ පිරිසගේ සහාය බලාපොරොත්තු වන බවත් සඳහන් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා නව ජනාධිපතිවරයකු පත් කර ගන්නා තුරු ගනු ලබන දේශපාලන තීරණ පිළිබඳව ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට දැනුම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

 ඒ සඳහා කථානායකවරයා පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර අදාළ තීරණ ගනු ඇතැයි ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment