නව ජල සම්බන්ධතා ගාස්තු සියයට 70 කින් නගී

260

පිරිවැය අවම කර ගැනීමට මේ තීරණය ගත්තා – නි. සාමාන්‍යාධිකාරි

නව ජල සම්බන්ධතා ගාස්තු ඊයේ (18 දා) සිට සියයට 70 කින් ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

මේ අනුව ජල සම්බන්ධතා ලබා දීමේදී මෙතෙක් අය කළ විෂ්කම්භය මිලිමීටර් 20ක් වූ සම්බන්ධතාවේ අවම ගාස්තුව රුපියල් 16,000.00 සිට රුපියල් 27,200.00 දක්වා ද, ජල සම්බන්ධනයේ විෂ්කම්භය මිලි මීටර් 25 ක් වූ සම්බන්ධතාවේ අවම ගාස්තුව රුපියල් 30,000.00 සිට රුපියල් 51,000.00 දක්වාද ඉහළ යයි.

ජල සම්බන්ධතා ගාස්තු ඉහළ නංවා ඇත්තේ වසර දහයකට පසුව බවත් පවතින පිරිවැය අවම කර කරගැනීමට මෙම තීරණය ගත් බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පත්මනාථ මහතා ‘දිවයින’ට පැවසීය. ඉහළ දමන ලද මිල ගණන් එකවර ගෙවීමට අපහසු පාරිභෝගිකයන්ට රාජ්‍ය බැංකුවක් හරහා සහ ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල හරහා පොලී රහිතව ගෙවීමේ පහසුකම් සලසා ඇති බව ද හෙතෙම කීවේය.

එසේම ගාස්තු වැඩි කිරීමට පෙර ඇස්තුමේන්තු කරන ලද නව ජල සම්බන්ධතා සඳහා පෙර මිලටම දින 60ක වලංගු කාලයක් පවතින බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පියල් පත්මනාථ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment