නව ජවයකින් වැඩට ලෑස්ති වෙමු – ජනාධිපති දිසාපතිවරුන්ට කියයි

200

* චක‍්‍රලේඛ අවුල් ලිහන්න – දිසාපතිවරු කියති
 

 කොවිඞ් වසංගතයත් සම`ග වසර දෙකකදී සියලූ අංශයන්හි සිදු වු පසුබෑම ජයගැනීමට නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩකිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සියලූම දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත දැනුම්දී ඇත.

 රජයේ සැලසුම් ප‍්‍රකාරව අපේක්‍ෂා කළ ඉලක්ක කරා එළැඹීමට නොහැකි වූවත් සියලූ පාර්ශවයන්ගේ කැපකිරීම මත කොවිඞ් මර්දනයට සාර්ථකව මුහුණ දීමට හැකි විය. එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළැඹීමට උදා වූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලූ දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබේ.

 නව සාමාන්‍යකරණය යටතේ ආර්ථිකය මෙහෙයවීමට රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාව ප‍්‍රධාන සාධකයකි. එළැඹෙන කාලපරිච්ජේදයේ දී සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම ජනතා අවශ්‍යතාවන් ඉටුවන පරිදි කැපවීමෙන් සහ උනන්දුවෙන් ක‍්‍රියා කළ යුතුය. එහිදී දිස්ත‍්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්ය භාරයක් පැවරෙන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

 ජනාධිපතිවරයා ගත් තීරණයට ශක්තියක් වෙමින් ඉලක්ක ජයගැනීම සඳහා වේගවත් හා කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවීමට සියලූදෙනා සූදානම් බව දිසාපතිවරු සඳහන් කළහ.

 කෘෂිකර්මාන්තය මූලික කරගත් 70% ක් පමණ වන ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක රජය නිරතව සිටී. කාබනික පොහොර ප‍්‍රතිපත්තිය සමග හරිත ආර්ථිකයක්, පොසිල ඉන්ධන සහ ගල්අ`ගුරු වෙනුවට පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වීම, සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සහ ආයෝජන අවස්ථා සඳහා ශක්තිමත් පසුබිමක් සැකසීම ජයගත යුතු අභියෝග අතර වන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

 මෙම ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වන, අදට නොගැළපෙන චක‍්‍රලේඛ සහ අණ – පනත් කඩිනමින් සංශෝධනය වීමේ අවශ්‍යතාව දිස්ත‍්‍රික් ලේකම්වරු පෙන්වා දුන්හ. පවතින තත්ත්වය දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර සියලූ ක්‍ෂේත‍්‍ර ආවරණය කෙරෙන අලූත් ආරම්භයක් වෙනුවෙන් පැමිණෙන බාධක නිරාකරණයට තමා සූදානම් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

 ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment