නව තානාපතිවරු 03කට අවසර

219


නව තානාපතිවරයන් තිදෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගිය 05දා හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුවල ලෙබනන් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කපිල සුසන්ත ජයවීර මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එමෙන්ම බහරේන් රාජධානියේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එච්ගඑම්ගජීගආර්ගආර්ගකේග විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සහ අප්‍රිකානු සංගමයේ මෙරට නිත්‍ය නියෝජිතවරයා ලෙස කේගකේගතෙෂාන්ත කුමාරසිරි මහතා පත් කිරීමට ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව වැඩබලන මහ ලේකම්වරිය සඳහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment