නවදිල්ලිය වැසේ

245

ඉන්දියාවට මේවන විට බලපා ඇති තෙවන කොරෝනා රැල්ල හේතුවෙන් නවදිල්ලියට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව එළැඹෙන සිකුරාදා රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 05 දක්වා නව දිල්ලියට ඇඳිරි නීතිය පැනවීමට නියමිතය.

මීට අමතරව මේතෙක් ක්‍රියාත්මක වූ රාත්‍රී කාලය පැනවූ ඇඳිරි නීතිය ඉදිරියටත් ක්‍රියාත්මක බවද නව දිල්ලි බලධාරීන් කියා සිටිති.

ගතවූ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයින් තිස් හත් දහසකට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment