නව දේශපාලන බලවේගයක්: විමල්ලා – ගම්මන්පිලලා සමග සාකච්ඡා කළ බවත් අමරවීර කියයි

596

නව දේශපාලන බලවේගයක් ගොඩනැ`ගීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය.

මේ වනවිටත් ආණ්ඩුව නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්‍ෂ කීපයක් සමග මූලික බටයේ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් නව වසර මුල ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ හා ජාතික බලවේග සමග සාකච්ඡා ආරම්භ කරන බවත් පැවසූ ඒ මහතා 2022 වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැ`ගීම සඳහා කඩිනමින් සැලසුම් සකස් කරන බවද සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment