නව නි. කථානායක පත්කිරීම අද

132

නියෝජ්‍ය කථානායකවරයකු තෝරාපත් කර ගැනීම සඳහා අද (5 දා) ඡන්දයක් පවත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4 දා) පැවසීය.

කථානායකවරයා මේ බව කියාසිටියේ රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවන ලෙස විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ඉල්ලා සිටි අවස්ථාවේදීය.

එහිදී නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සියඹලාපිටිය මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිඅරගෙන ඇතැයි තමන්ට දන්වා ඇති බවත් එලෙස දැන්වූ ලිපිය තමා සතුව තිබෙන බවත් කථානායකවරයා කියා සිටියේය.

එහිදී කිරිඇල්ල මහතා නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරාපත් කර ගැනීමට ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කථානායකවරයා කියාසිටියේ ඊට අදාළ ඡන්ද විමසීම අද (5 දා) පවත්වන බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් තවත් කතා කිරීමට දෙයක් නොමැති බවත්ය.

තමාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බවට තමන්ට ද ලිපියක් ලැබී ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment