නව බලශක්ති රථවාහන, කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

131

“නව බලශක්ති රථවාහන මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම කළ යුතු” යැයි කර්මාන්ත අමාත්‍ය වෛi රමේෂ් පතිරණ මහතා පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපයේ පිහිටි මයික්‍රෝ ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගිය 23 දා පැවසීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විද්යුත් මෝටර් රථ වැනි නව බලශක්ති ක්‍රම භාවිතා කරන රථවාහන හඳුන්වාදීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට මෙන්ම පරිසර ආරක්ෂණය සඳහා ද හේතුවන බවයි. එනිසා එවැනි රථවාහන භාවිතය සුලබ කිරීමට ලෝකය හා යාවත්කාලීන වෙමින් කර්මාන්තයක් ලෙස එය ප්‍රවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 1995 වර්ෂයේ ආරම්භකොට මේ දක්වාම දේශීය යාන්ත්‍රණයක් සහිත වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක මයික්‍රෝ ආයතනයේ එකලස් කෙරෙන සියලු වාහන මෙහිදී නිරීක්‍ෂණය කෙරිණි. ඒ අතර පරිසර හිතකාමී විද්යුත් මෝටර් රථ එකලස් කොට නිෂ්පාදනය කෙරෙන ආකාරයද නිරීක්‍ෂණයට ලක් කෙරිණි. එහිදී කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී මයික්‍රෝ ආයතනය වෙත එල්ලවන බාධක අභියෝග පිළිබඳව එහි සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා සහ අධ්‍යක්‍ෂ අසේල ලිහිණිකඩුව මහතා විසින් අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment