නව යුධ හමුදාපති විකුම් ලියනගේටත් යුධ අපරාධ චෝදනා

519

නව යුද හමුදාපති විකුම් ලියනගේටත් යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.කොටි ඩයස්පෝරාව විසින් ඔහුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේට පැමිණිලිකර තිබේ. ගජබා බළකායේ සේවය කළ විකුම් ලියනගේ විශ්වමඩු, පුදුමාතලන් සහ පුතුකුඩියිරිප්පු යන ස්ථානවල සේවය කළ බව ද එම පැමිණිලේලේ දක්වා ඇත. ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ කිසිදු සාක්ෂියකින් තොරව මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි. විකුම් ලියනගේ යුද අපරාධ කළ බවට සාක්ෂිදීමට යුරෝපයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් 200 දෙනකු ඉදිරිපත්වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment