නව රථවාහන හිමිකරුවන් වෙත රක්‍ෂණ ප‍්‍රතිලාභ ලබාදීම උදෙසා අලියාන්ස් ලංකා අයිඩියල් මෝටර්ස් සහ ෆස්ට් චොයිස් සමග එක් වෙයි

142

තෝරා ගත් රථවාහන පන්ති සහ දිවයින පුරා පිහිටි අයිඩියල් ෆස්ට් චොයිස් සහ අයිඩියල් මෝටර් රථ බඳ හා පින්තාරු කරන සේවා ස්ථානයන් වෙතින් වාහන හානි අලූත්වැඩියාවන් කිරීමට සහ නොමිලේ මෝටර් රථ රක්ෂණයන් ලබා දීම උදෙසා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් :අලියාන්ස් ලංකාෆ අයිඩියල් මෝටර්ස් සහ එහි අනුබද්ධ ආයතනයක් වන අයිඩියල් ෆස්ට් චොයිස් ආයතනය හා හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම සිදුවියග
 
 මෙම හවුල්කාරීත්වය තුළින් අයිඩියල් විසින් සියලූම නව මහේන්ද්‍රා වෙළෙඳ වාහනල යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ සඳහා නොමිලේ රක්ෂණය ලබා දීම සිදු කරනු ලැබේග එයට අමතරව ඔවුන් අලියාන්ස් වෙතින් රක්ෂණය ලබා ගන්නා නව රථවාහන හිමිකරුවන් වෙත සිත්ගන්නා සුළු ප‍්‍රතිලාභයන් ලබා දීමට ද ඔවුන් කටයුතු කරනු ඇතග අයිඩියල් සතුව දිවයින පුරා ප‍්‍රධාන ස්ථානයන්හි පුළුල් ලෙස ව්‍යාප්ත වූ වාහන අලූත්වැඩියා කිරීමේ ස්ථානයන් ජාලයක් පවතින අතර එම වාහන අලූත්වැඩියා කිරීමේ ස්ථානයන් අලියාන්ස් ලංකා අනුමත වාහන අලූත්වැඩියා කිරීමේ ස්ථානයන් හා එකතු වනු ඇතග කිනම් හෝ වාහන අලූත්වැඩියාවක් හෝ වෙනත් ඒ හා බැඳි අවශ්‍යතාවයන් සඳහා මෙම ඔප්පු හිමියන් හට එම වාහන අලූත්වැඩියා කිරීමේ ස්ථානයන් වෙත යොමු විය හැකියග තවද බහු සන්නාමිත රථවාහන අලූත්වැඩියා කිරීමේ පහසුකම් සහ උපකරණ සහිත මෙම වාහන අලූත්වැඩියා කිරීමේ ස්ථානයන් ඔප්පු හිමියන් වෙත අතිරේක වාසියක් සලසා දෙනු ඇතග අලියාන්ස් ලංකා ඔප්පු හිමියන් හට අයිඩියල් හා සෘජු සම්බන්ධතාවයක් ඇති බැවින් රථවාහන අනතුරු අලූත්වැඩියාවන් සඳහා ඔවුනට විශේෂිත අවධානයක් ලැබෙනු අතග එමෙන්ම මෙම ඔප්පු හිමියන් වෙත විශේෂ වට්ටම් සහ මහේන්ද්‍රා නියම අමතර කොටස් ලබා දීම ද සිදුවනු ඇතග
 
 අයිඩියල් First Choice හි නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම මහතා විසින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිලධාරී ගානි සුබ‍්‍රමනියම් මහතා වෙත හවුල්කාරීත්ව ගිවිසුම පිළිගන්වමින්.

advertistmentadvertistment
advertistmentadvertistment