නව රාජ්‍ය අමාත්‍යවරු 21ක්

420


නව රාජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද සවස දිවුරුම් දුන්හ.ඒ අනුව මහාචාර්ය ජීඑල් පීරිස් ආරක්ෂක,රෝහණ දිසානායක පළාත් සභා සහ පළාත් පාලන,අරුන්දික ප‍්‍රනාන්දු වැවිලි,ලොහාන් රත්වත්තේ නාගරික සංවර්ධන,තාරක බාලසූරිය විදේශ කටයුතු,ඉන්දික අනුරුද්ධ නිවාස,සනත් නිශාන්ත ජලසම්පාදන,සිරිපාල ගම්ලත් මහවැලි,අනුරාධ ජයරත්න වාරිමාර්ග,සිසිර ජයකොඩි දේශීය වෛද්‍ය,ප‍්‍රසන්න රණවීර කර්මාන්ත,ඩීවී චානක සංචාරක සහ ධීවර,ඩීබී හේරත් පශු සම්පත්,කාදර් කාදර් මස්තාන් ග‍්‍රාමීය ආර්ථික භෝග වගා හා ප‍්‍රවර්ධන,අශෝක ප‍්‍රියන්ත වෙළෙඳ,අරවින්ද් කුමාර් වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම්,ගීතා කුමාරසිංහ සංස්කෘතික හා ප‍්‍රසාංග කලා,ගුණපාල රත්නසේකර සමූපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාර්භෝගික ආරක්ෂණ,කපිල නුවන් අතුකෝරල සුළු අපනයන වැවිලි භෝගසංවර්ධන,වෛද්‍ය ගයාෂාන් නවනන්ද සෞඛ්‍ය,සුරේන්ද‍්‍ර රාගවන් අධ්‍යාපන සේවා සහ ප‍්‍රතිසංස්කරණ යන අමාත්‍යංශ වල රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment