නව ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අද සිට විවෘතයි

405

පාර්ලිමේන්තු මංත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය අද පෙරවරු 9.30 ට බත්තරමුල්ලේ දී විවෘත කෙරේ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක් වීමට නියමිතය.පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතින් නව මූලස්ථානය විවෘත කෙරෙන අතර එම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය පක්ෂ විපක්ෂ දේශපාලඥයන් ඇතුළු පාක්ෂිකයන් එක් වීමට නියමිතය. බත්තරමුල්ල ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපිත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment