නව වසර උදාව සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා – සමගි සේවක සංගමය විමර්ශනයක් ඉල්ලයි

204

වරාය අධිකාරියේ නව වසර උදාව සැමරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 03ක් වැය කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුව ඇතැයි වරාය සමගි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රොෂාන් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මෙම උත්සවයේ ආහාර පිසීමේ සිට සියලූ අවශ්‍යතා සඳහා නව උපකරණ ලබාගෙන දානමය කටයුතු ද සිදුකර ඇත. දකුණු ආසියාවේ ලොකුම මුළුතැන්ගෙය පවතින්නේ වරාය අධිකාරියේය. එහි පවතින උපකරණ වරායේ සේවකයන්ගේ ආහාර පිසීම සඳහා තවමත් භාවිත කරන බැවින් එවැනි තත්ත්වයක් මත අලූතින් ඉවුම් පිහුම් උපකරණ මිලදී ගත්තේ කාගේ අවශ්‍යතාවකට ද යන්න වෘත්තිය සමිති දැනගත යුතු යැයි ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වරායේ මුදල් භාරව සිටින මූල්‍ය අධ්‍යක්ෂවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියත් ඇය එය මඟහරිමින් සිටින බවත් ඔහු පැවසීය

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment