නව ව්‍යවස්ථාව ලබන ජනවාරියේ මැති සබයට – ඇමැති ජී. එල්. කියයි

172

ලබන වසරේ (2022) ජනවාරි මාසයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යොමු කිරීමට අවස්ථාව සැලසෙන බව විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අභිනව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ අවසන් ලියැවිල්ල සකස් කිරීමෙන් පසු මෙම වසර අවසානයේ එය රජයට ඉදිරිපත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනතාවට ලබාදුන් ප‍්‍රතිඥාවට අනුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුව එම කටයුතු අවසන් කර මේ වන විට එහි අවසන් ලියැවිල්ල සකස් කිරීමට නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇතැයිද පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (18 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment