නව සැසිය විවෘත කරන්න ජනපති අනිද්දා පාර්ලිමේන්තුවට

118

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අනිද්දා (18 දා) විවෘත කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා නව සැසිවාරය විවෘත කරමින් ආණ්ඩුවේ ඉදිරි ප‍්‍රතිපත්ති පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් එදින පෙරවරු 10 ට පමණ සිදු කරනු ඇත.

ලබන 18 දා පෙරවරු 9.45 ට පමණ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ මහත්මිය පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු පියගැටපෙළ අසලදී පිළිගැනීමට නියමිතව ඇත.

අනතුරුව ජනාධිපති වෙනුවෙන් ජයමංගල ගාථා ගායනා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යන අතර පාර්ලිමේන්තු මහලේකම් සහ සහකාර මහලේකම්වරු සමග පසුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමට නියමිතය.

පසුව නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කතා නායක අසුනේ සිට සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සිදු කරනු ඇත. ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පාර්ලිමේන්තුව පසු දින (19 දා) දක්වා කල් තැබේ.

නැවතත් 19 දා රැුස්වන පාර්ලිමේන්තුව 19 දා සහ 20 යන දෙදින ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අරඹනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment