නව සුරාබදු බලපත්‍ර දීම අත්හිටුවයි

220

නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එසේම දැනට ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ද මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාළ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සුරාසැල් නොමැති බවත් තවත් ප්‍රදේශවල සුරාසැල් රැසක් ඇති බවත් හෙළි වී තිබේ.

එවැනි පසුබිමක නව සුරා බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්පත් නිකුත් කර තිබීම මත ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසූවේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අයැදුම්පත් ලබාගත්ත ද කිසිදු අයැදුම්පතකට බලපත්‍ර ලබාදීමක් සිදු කර නැති බවය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment