නව Daraz සන්නාමයෙන් කොළඹ අහස වර්ණවත් වෙයි

114

2022 ජනවාරි 22 හා 23 දිනවල රාති‍්‍රයේ ඩ්‍රෝන් යානා 150 කට අධික සංඛ්‍යාවක් උපයෝගීකොටගෙන කොළඹ අහසේ විචිත‍්‍රවත් ආලෝක වර්ණ රටා මවමින් ගාළු මුවදොර පිටියේදී පැවැති “Daraz Drone Show” ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වූ ඩ්‍රෝන් යානා ආලෝක සංදර්ශනය ලෙස ඉතිහාසයට එක් විය.

Daraz නව සන්නාමය ශ්‍රී ලාංකිකයන් නිර්මාණශීලී ලෙස සමීපකරමිනි. ලොවපුරා Daraz නව සන්නාමය මෙවැනි විචිත‍්‍රවත් නිර්මාණශීලී ක‍්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත සමීප කිරීමේ වැඩපිළිවෙල හා සමගාමීව ශ්‍රී ලංකාවේදී “Daraz Drone Show” සංවිධානය කෙරිණ.

දිවයිනේ නන් දෙසින් පැමිණි 10,000 කට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් මියුරු සංගීතය, රසවත් ආහාර පාන සමග විනෝදාස්වාදය පිරුණ විචිත‍්‍රවත් එම රැයේදී Daraz නව සන්නාමය පේ‍්‍රක්ෂකයන් තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් විය.

තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ගරු ඞී. වී. චානක මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා සහ එම මහත්මිය, සිවිල් ගුවන් සේවා අධිකාරීයේ මෙහෙයුම් අධ්‍යකෂක ලූෂාන් ප‍්‍රනාන්දු මහතා සහ එම මහත්මිය ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් “Daraz Drone Show” අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment