නව GST බදු දීගයට දේශීය ආදායම් විරෝධයනව GST බදු දීගයට දේශීය ආදායම් විරෝධය

332

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (ජීඑස්ටී බද්ද) පරිපාලනය කිරීමේ කටයුතු අදාළ දෙපාර්තමේන්තුවලින් ඉවත් කර භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට තම සංගමයේ බලවත් අප‍්‍රසාදය හා විරෝධය ප‍්‍රකාශ කරන බව දේශීය ආදායම් සේවා සංගමය ඊයේ (10දා) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රැුකියා සුරක්ෂිතතාවට දැඩි ලෙස බලපාන කරුණක් වන බව ද එම සංගමය මුදල් ඇමැතිවරයාට යවන ලද ලිපියේ ස`දහන් වේ. එම ලිපියේ මෙසේ ද සදහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රජයේ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය පරිපාලනය කරනු ලබන අනෙකුත් දෙපාර්තමේන්තු වන රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන විසින් මෙතෙක් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් ඒවායින් ඉවත් කර, මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතේ පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට තීරණයක් ගෙන ඇත. මේ සඳහා වූ පනත් කෙටුම්පත 2022.01.07 වන දින රජයේ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කාර්යය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකුගේ අධීක්ෂණය යටතේ ඇති විශේෂ ඒකකයක් මගින් සිදු කිරීමේ අරමුණ බදු එකතු කිරීමේ ක‍්‍රියාවලියේ කාර්යක්ෂමතාව වර්ධනය සඳහා වූ ක‍්‍රියාවලියක් ලෙසට සඳහන් වුවද, මෙම පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ මේ තුළින් බදු එකතු කිරීමේ ක‍්‍රියාවලිය තවදුරටත් සංකීර්ණ හා ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවයි. විශේෂයෙන්ම බද්ද පැනවීම, බදු වාර්තා නිකුත් කිරීම හා ලබාගැනීම, බදු ගෙවීමේ ක‍්‍රමවේදය, අභියාචනා විසඳීම හා හිඟ බදු අය කර ගැනීමේ ක‍්‍රියාවලිය මෙම පනත් කෙටුම්පත තුළින් වඩාත් සංකීර්ණත්වයකට පත් කර ඇත.

බදු පරිපාලනය සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා අදහස් ඉදිරිපත් කිරීමට හා සාකච්ඡුා කිරීමට වෘත්තීය සමිතිවලට අවස්ථාවක් හෝ ලබා නොදීම රාජ්‍ය ආයතන තුළ කාර්මික සාමය පවත්වා ගැනීමට දැඩි බාධාවක් වන බැවින්, මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකර මේ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

වෘත්තීය සමිති සමඟ සාකච්ඡුාවකින් තොරව තවදුරටත් ක‍්‍රියාකරන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම්වරුන් වන එච්.ඒ.එල්. උදයසිරි සහ අයි.පී. සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සනින් මේ ලිපිය යවා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment