නසුම් අහමඩ්  ඇෆ්ගනිස්ථානය වනසයි

492

නසුම් අහමඞ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට බංග්ලාදේශය හමුවේ ඊයේ (03 වැනිදා) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ලකුණු 61ක පරාජයක් අත් විය.

නසුම් අහමඞ් ලකුණු 10කට ඇෆ්ගනිස්ථානයේ කඩුලූ 4ක් දවා ගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 94කට සීමා වූ අතර ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලදේශය ලකුණු 155ක් ලබා ගැනීමට සමත් විය.

බංග්ලදේශය වෙනුවෙන් ලිටන් දාස් ලකුණු 60ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයද නසුම් අහමඞ්ට හිමි විය. දෙරට අතර දෙවැනි සහ අවසාන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment