නහර ගැට ගැසීමේ රෝගයට හෝමියෝපති ප්‍රතිකාර

1004

සම ලස්සනට පැහැපත්ව තිබීම කවුරුත් ආසයි. නමුත් පාදවල නහර ගැට ගැසී ඇතිවිට ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වනුයේ ලස්සනට අඳින විට ලස්සන පෙනුමට පාදවල ඉලිප්පී ඇති නහර බාධාවක් වී ඇති බව පෙනී යන නිසයි. වර්තමානයේ තරුණ, වැඩිහිටි, කාන්තා, පිරිමි බේදයකින් තොරව මේ රෝගය නිසා පීඩාවට පත්වී ඇත. කෙසේ හෝ සියලුම දෙනා නහර ගැට ගැසීම පිළිබඳව නොසැලකිලිමත් වුවහොත් පාදවල වේදනාකාරී, පීඩාකාරී තත්ත්වයන් මෙන්ම ඇතැම්විට මරණය වුවද ගෙනදිය හැකි බව ඔබ නොදන්නවා විය හැක

වෛද්‍යතුමියනි නහර ගැටගැසීම කියන්නේ කුමක්ද?

නහර ගැට ගැසීම සිදුවනුයේ හෘදයට ආපසු රුධිරය රැගෙන එන ශිරා වාහිනී ලෙස සැලකෙන නහර තුළයි. එම නහර තුළ ඇති කපාට වෙනස් වීමත්, විකෘති වීමත්, දුර්වල වීමත් නිසා රුධිරය ආපස්සට ගමන් කිරීම හෝ එකතුවීමත් නිසා නහර පිටතට ඉලිප්පී දඟර ගැසීමක් ඇත්නම් එය නහර ගැටගැසීම ලෙස අපට දැකිය හැක. මෙය බාහිරව මෙන්ම අභ්‍යන්තරයේද සිදුවිය හැක.

නහර ගැටගැසීම ඇතිවීමට ඇති හේතු මොනවාද ?

මෙයට විවිධ හේතු තියෙන්න පුළුවන්.

★ මවට හෝ පියාට මේ රෝගී තත්ත්වය ඇත්නම් ඔවුන්ගේ දරුවන්ට මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාව 90% පමණ තියෙනවා.

★ වැඩිවේලාවක් සිටගෙන රැකියාවේ නිරතවීම,

★ වැඩිවේලාවක් ඉඳගෙන සිටීම,

★ උසින් වැඩිවීම,

★ තරබාරු වීම,

★ කාන්තාවන්ගේ හෝමෝන වෙනස්වීම්වලදී,

★ ගර්භනී කාලයේදී වැනි කරුණු මෙයට හේතුවෙන්න පුළුවන්.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ, සංකුලතා පිළිබඳව හැඳින්වීමක් කළොත්?

★ නහර ගැට ගැසීම නිසා ඇතිවන වේදනාව,

★ ඉදිමීම,

★ රුධිරය වහනය වීම,

★ කැසීම,

★ තුවාල හටගැනීම,

★ සමේ විෂබීජ අසාදන තත්ත්වයන්ද

★ රස්නය දැනීම,

★ අවපැහැ ගැනීම,

★ වයසට යෑමත් සමඟ නහර ගැට ගැසීම වැඩිවිය හැක. රුධිර නාල පීඩනය වැඩි පාදවල මේ රෝගී තත්වය ඇතිවිය හැක.

★ අභ්‍යන්තර ශිරාවල ලේ කැටි හිරවීම නිසා බොහෝ දරුණු වේදනාකාරී තත්ත්ව ඇතිවීමද, මාරාන්තික වීමද විය හැක.

නහර ගැට ගැසීම ඇතිවෙන්නේ පාදවල පමණක්ද?

සමහර කාන්තාවන්ගේ නහර ගැට ගැසෙන්නේ දෙපාවල පමණක් නොවෙයි. යෝනි මාර්ගය දෙපස, මුත්‍රා මාර්ග විවරය ආසන්නයේද සිදුවෙන්න පුළුවන්. පිරිමි පාර්ශ්වයට ඔවුන්ගේ වෘෂණ කෝෂ ආශ්‍රිතව වේදනාකාරී ලෙස නහර ගැට ගැසීම ඇතිවිය හැකිය. මෙලෙස ශරීරයේ බාහිරව හෝ අභ්‍යන්තරව කොතැනක හෝ නහර ගැට ගැසීම සිදුවිය හැක.

අවදානම් සාධක

★ පාද විසබීජ අසාදනයට නිතර ගොදුරු වීම,

★ තුවාල හට ගැනීම,

★ සෙලියුලයිටිස් තත්ත්ව ඇතිවීම, සුව නොවීම, වරින් වර මතුවීම.

හෝමියෝපති ප්‍රතිකාර

හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ මෙවැනි රෝගීන් පූර්ණව සුවය ලබන්නේ කෙසේද කියලා බලමු. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙවැනි රෝගීන්ට සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් වනවා. ඒ කෙසේද යත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ අන්තර්ගත වී ඇත්තේම දුර්වල වූ වෙනස් වූ ප්‍රතිශක්තිකරණය උද්දීපනය කර වෙනස් වීම යථා තත්ත්වයට පත්කරලීමයි. මේ සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ අපට සුවිශේෂියි. රෝග ලක්ෂණවලට සමාන වූ ඖෂධ දීම තුළ රෝගයට සමාන ප්‍රතිකාර මගින් රෝගියාගේ සුවපත් වීම සිදුවනවා. එසේ වන්නේ මීට වසර 200කට ඉහත හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ පියා වන බටහිර වෛද්‍යවරයෙකු වූ ෆෙඩ්රික් සැමුවෙල් හානෙමාන්තුමා විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා වූ ඖෂධ ක්‍රියාකාරිත්වයේ මුලධර්ම වල (similia Similibus Curenter) ප්‍රතිඵලයක් ලෙසයි. මේ මූල ධර්මයට අනුව නහර වල ගැට ගැස්මට හේතු වූ නහර වල තුළ ඇති කපාල වලත් වෙනස්කම නැවත යථා තත්ත්වයට ගෙන ඒමට හෝමියෝපති ඖෂධීය ක්‍රියාකාරිතාවය බලපෑමක් ඇති කරනවා. එමගින් ගැටගැසුණු නහර ලිහිල් වී ක්‍රමවත් රුධිර සංසරණයක් පාද වල පමණක් නොව මුළු ශරීරය පුරාම ඇති කරනවා. එවිට නහර ගැටගැසීම නිසා ඇතිවුණු වේදනාවන් නැතිව යෑම පාදවල ඉදිමුම, හිරිය හා අවපැහැය නැතිව පැහැපත් පෙනුමක් ගෙන දෙමින් පූර්ණ සුවයක් අත්දකිනවා. අතුරු ආබාධ නැහැ. ප්‍රතිකාරය ඉතාම සරලය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0718250716 ඇමැතිය හැකිය.

නහර ගැට ගැසීමේ රෝගයට හෝමියෝපති ප්‍රතිකාර

එච්. කේ. හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච්. කේ. හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment