නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා

174

අර්ජුනයි මායි 7 වසරේදී හොඳට ගහගත්තා

රූස්ස ගහක් වැඩෙන්න මහ කාලයක් ගත වෙනවා. මොකද හොඳට අතු විහිදිලා මහ පොළවට මුල් පතිත වුණ තරමට තමයි ඒ ගහ හරි ශක්තිමත් වෙන්නේ. කලාවටත් ඔය කාරණය එසේමයි. කලාකරුවෙක් විචලනය නොවී රැඳී ඉන්නට නම් ඔහුගේ හැකියාවත් අනිවාර්යයෙන්ම බලපානවා. අද අපේ කතානායකයාත් එසේ කාලාන්තරයක් පුරාවට විචලනය නොවී රැඳී සිටි අපූරු කලාකරුවෙක්. මෙරට ගීත කලාවට” කවියට” සිනමාවට සුවිශාල සේවයක් කළ කිංස්ලි දිසානායකගේ පුත් සංජීව දිසානායකයි.

නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා

මේ දවස්වල විවිධ චරිත කිහිපයකින් දකින්න ලැබෙනවා?

මාව මේ දවස්වල වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ බස් රියැදුරුගේ චරිතයෙන් වගේම සංජීව පුෂ්ප කුමාරගේ Fling Fish චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා.

රාත්‍රි 42 ක් නළුවෝ 20 ක් දාගෙන බස් එකක් එළෙව්වා නේද?

ඔව්… ඔව්… ඇත්තටම එහිදී අත්දැකීම් රාශියක් ලැබුණා. පළමුවැනි දේම නිදිමරාගෙන බස් එකක් එළවනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොමෙයි. මම මීට කලින් බස් එකක් එළවලා තිබුණෙත් නෑ. ජීවිතයේ පළමුවැනි වතාවට තමයි බස් එකක් එළෙව්වේ. අනික මම බස් එක එළවන්නත් ඕනෑ පිටිපස්ස හැරිලා කතාබහ කරන්නත් ඕනෑ. අනුරාධපුරේ පාරට හෝගාල ගස්වල අතු නැමිලා තිබෙනවා. ඒවත් බේරගන්න ඕනෑ. රඟපාන්නත් ඕනෑ. මම මුලින්ම අධ්‍යක්‍ෂවරයාට කිව්වා මම ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි නළුවෙක් විතරයි කියලත්. මොකද පළමු වතාවට තමයි බස් එකක් එළෙව්වේ. මට ලයිසන් එකක්වත් නෑනෙ’්

නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා

ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා?

මේ දවස්වල මම ඉන්න ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා. රැල්ල වෙරළට ආදරෙයිහි පීතරගේ චරිතය. කියා දෙන්න ආදරෙයි තරම් දිගැසිගේ තාත්තා” බයෝ හි සීඅයිඩී ඉන්ස්පෙක්ටර්ගේ චරිතය” ජානු ටෙලි නාට්‍යයේ වගේම වැකේෂන් ටෙලි නාට්‍යයේ ඇමැතිගේ චරිතයේ මාව දකින්න ලැබෙනවා.

ඔබ කාලයක් පුරාවට වේදිකාව සමග ඔට්ටුවෙන චරිතයක්?

මගේ ජීවිතයම වේදිකාව වෙලා තමයි තිබුණේ. මම රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවරක් සහාය නළුවාට හිමි සම්මානය අරගෙන තිබෙනවා. ඉතිං වේදිකාවෙන් ලබපු පන්නරය හින්දයි මේ ගමන මේ තරම් දුරට එන්න පුළුවන් වුණේ. මම වේදිකාවට ගොඩක් ආදරෙයි.

නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා
නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා

මේ ගමනේ මූලාරම්භයට ගියොත්?

මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ කාලේ මම වසර තුනක් එක දිගටම හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගත්තා. මට රඟපාන්න පුළුවන් කියලත් දන්නේ නැහැ. ඊට පස්සේ පාසල් කාලයෙන් පසුව මට ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහත්මයාගේ මඩොල්දූව චිත්‍රපටයේ රණදේවගේ චරිතය රඟපාන්න අවස්ථාව උදාවුණා.

ඔබේ පියාත් ක්‍ෂේත්‍රයට සම්බන්ධයි?

ඔව්. මගේ පියත් කවියෙක්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. නාට්‍ය නිෂ්පාදකවරයෙක් වගේම ගීත රචකයෙක්. ඉතිං තාත්තා මාව යොමු කළා සෝමලතා සුබසිංහ මහත්මිය ළඟට රංගනය හැදෑරීමට. එතැනින් පසුව තමයි මම ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

නළුවෝ 26 ක් දාගෙන බස් එකක් පදවපු ලයිසන් නැති නළුවා

වේදිකාවට සම්බන්ධ වෙන්න කලින් වෙන රස්සාවක් එහෙම කළාද?

තාත්තා මට කියලා තිබුණා ඔයා රඟපෑවට කමක් නැහැ හැබැයි ජීවත් වෙන්න මොකක් හරි මාර්ගයක් හොයා ගන්න ඕනෑ ඒකත් එක්ක රඟපාන්න කියලා. ලංකාව කියන්නේ රංගනයෙන්ම ජීවිතය ගොඩගන්න පුළුවන් තැනක් නෙමෙයි කියලත් කිව්වා. ආසාවට රඟපෑවට කමක් නැහැ රැකියාවක් කරන්න කියලත් කිව්වා.

පස්සේ රැකියාවක් කළා. එහෙමද?

ඔව්. මම ඡායාරූප ශිල්පියෙක් විදිහට රැකියාවක් කළා. මම ඒ රැකියාවෙන් විදෙස් ගත වෙලත් හිටියා. මම ලාල් හෑගොඩ මහත්මයාගේ ෆොටෝ ක්‍රෝම් ආයතනයේ වැඩ කළා ඡායාරූප ශිල්පියෙක් විදිහට. මාව කොඩැක් කොම්පැණියට තේරිලා අවුරුදු දහයක් විදෙස්ගතවෙලා හිටියා.

එතකොට ලංකාවට ආවේ?

මම ලංකාවට ආවේ 2006 වසරේ. මම 2007 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ලබා ගන්නවා.

දැන් ඡායාරූප කලාවෙන් ඈත් වෙලාද?

නැහැ… නැහැ… ඒකත් කරගෙන යනවා. මගේම කියලා කොට්ටාවේ ස්ටුඩියෝ එකකුත් තිබෙනවා.

සංජීවගේ පවුලේ විස්තර?

මම දැනට පදිංචිවෙලා ඉන්නේ මත්තේගොඩ. මගේ බිරිඳ විදුහල්පතිවරියක්. මට දුවෙක් සහ පුතෙක් ඉන්නවා.

මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ ගැන මොකද හිතන්නේ

ඇත්තටම මට මාධ්‍යයෙන් නම් එහෙම ලොකු ඉඩකඩක් ලැබිලා නැහැ. මම ඒක ලොකුවට සොයාගෙන ගිහිල්ලත් නැහැ. ගොඩක් අය මාධ්‍ය ගැන හිතනවා. මට කතා කළොත් මම උත්තර දෙනවා. මට කවුරු හරි කතා කළොත් මම උත්තර දෙනවා මිසක් මම එතැනට ගිහිල්ලා දාගන්න එකේ තේරුමක් නැහැනේ. අවශ්‍ය මනුස්සයෙක්නේ මට කතා කරන්නේ. එහෙම අවශ්‍ය මනුස්සයෙක් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

ඔබ ජාතික ඡායාරූප ක්‍ෂේත්‍රයෙනුත් ජය ලැබූ චරිතයක්?

ඔව් මම ජාතික ඡායාරූප තරගයෙනුත් දෙවරක් සිල්වර් මෙඩ්ල් එක ලබාගෙන තිබෙනවා.

අර්ජුන රණතුංගත් ඔබේ පාසල් මිතුරෙක්?

ඔව් අර්ජුණ රණතුංග මගේ පන්තියේ. අපි දෙන්න හොඳ මිත්‍රයෝ. අපි හම්බ වුණාම කතාබහ කරනවා. ඒ කාලේ මම ඉස්කෝලේ හතේදි හරි අටේදී හරි අර්ජුන එක්ක විනාඩි දහයක් දොළහක් එක දිගට ගහගෙන තිබෙනවා. අද කාලේ අර්ජුන හම්බවුණාම කොහොමද මචං කියලා අහනවා.

පියාගේ නිර්මාණවලින්ම කතාව අහවර කළොත්?

මගේ තාත්තා තමයි අමරදේව මාස්ටර් සහ නන්දා මාලනී ගායනා කරන මාල පබළු වැල් කරවට ලන්නට ගීතය ලියලා තියෙන්නේ. ඒත් එක්ක විජය කුමාරතුංග සහ ශ්‍රියානි අමරසේන රඟපෑ බිනරි සහ සුදු බණ්ඩා කියන චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ මගේ තාත්ත හොඳ කවියෙක්. රක්වානේ කිංස්ලි දිසානායක කිව්වහම තමයි ප්‍රසිද්ධ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment